ඓතිහාසික කන්දේගම දානිගල කඳු මුදුනේ පැය ගණනාවක් අතර මං වී සිටි පාසල් සිසුූන් සිව්දෙනකු, පැය තුනක පමණ මෙහෙයුමකින් පසු, නිරුපද්‍රිතව මුදවා ගැනීමට අරලගංවිල විශේෂ කාර්ය බළකාය, අරලගංවිල පොලිසිය හා දම්මින්න දෙවන අණදෙන රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් සමත් වූහ.
මොවුන් 27 වෙනිදා උදෑසන දානිගල තරණය කර තිබෙන අතර, අතරමං වීමෙන් අනතුරුව ඔවුන් කෑකෝ ගසන හඩ කන්දේම ධනංජය රජමහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇසී ඒ බව අරලගංවිල පොලිසිය දැනුවත්කොට තිබේ.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අරලගංවිල පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ දම්මින්න යුද හමුදා කඳවුර එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් පසු සිව්දෙනා සොයාගැනීමට හැකිවී තිබේ.
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය, නව නගරය ප්‍රදේශයේ පදිංචි 17 වන වියෙහි පසුවූ තරුණයන් දෙදෙනකු මැදගම යහළුවන්ගේ නිවසට පැමිණ තිබෙන අතර එම යාළුවන් දෙදෙනාද කැටුව සිව්දෙනා දානිගල කන්ද තරණය කර තිබෙන අතර එහිදි ඔවුන් කඳු මුදුනේ අතරමං වී තිබෙන අරලගංවිල පොලිසිය කියයි.