දළඳා දැක්මට සමගාමීව මහනුවර අනවසර පදික වෙළඳුන් ඉවත් කරයි

අප්‍රේල් මස දහ 18 වැනි දින ආරම්භ වීමට නියමිත දළදා දැක්ම නිමිත්තෙන් මහනුවර නගරයේ සිටින සියලු අනවසර පදික වෙළඳුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් දළදා දැක්ම අවසන් වීමෙන් පසුවද නගරයේ පදික වෙළදුන්ට අවසර නොදීම පිළිබඳව සලකා බලන බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය පවසයි.

මහනුවර නගරයේ අනවසර පදික වෙළදුන් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර එහිදී මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටුවේ සභාපති අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා නාගරික කොමසාරිස්වරියට උපදෙස් දී සිටියේ දැනට සිටින අනවසර පදික  වෙළඳුන්ට විකල්ප ස්ථාන ලබාදෙන තෙක් ඔවුන් ඉවත් නොකරන ලෙසත් අලුත් පදික වෙළඳුන්ට පදික වෙළඳාමට එකතුවීමට ඉඩ නොතබන ලෙසත්ය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීම මත මහනුවර නගරයේ එවකට සිටි අනවසර පදික වැළදුන්ට විකල්පයක් ලෙස ජෝර්ජ්ඊ. ද සිල්වා උද්‍යානයේ සාප්පු සංකීර්ණයක් ඉදිකොට එහි කඩ කාමර ලබාදීමට පියවර ගත්තේය. එහෙත් එම කඩ කාමර ලබාගත් පුද්ගලයන්ද ගෝලයන් යොදවා පදික වෙළඳාමේ යෙදෙන බවට චෝදනා නැගෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *