දළදා වඳින්න යන බැතිමතුන්ට විශේෂ දුම්රිය 13 ක්

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් ඊයේ (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ලබන 28 දක්වා දින 10 ක් මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව කොළඹ කොටුව සිට මහනුවර, ගම්පොල හා කඩුගන්නාව සිට මහනුවර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.

මහනුවර සිට කොළඹ කොටුව, ගම්පොල හා කඩුගන්නාව දක්වාද දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බවත් පාලක මැදිරිය පවසයි.

කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල දක්වා ධාවනය කෙරෙන සාමාන්‍ය දුම්රියන්ට අමතරව සිරි දළදා වන්දනාව වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය සේවා ධාවනයට යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *