dasun Shanaka

දසුන් ශානක එක්දින සංචිතයෙන් ඉවත් කරයි

ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ළෙකැලේදී අද(9) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයෙන් හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ඉවත් කර තිබේ.

දසුන් ශානක පසුගිය සිම්බාබ්වේ තරගාවලියේදී අසාර්ථක වීම නිසා සංචිතයෙන් ඉවත් කළ බවත් ඔහුට නැවත දස්කම් අතරට පැමිණ සංචිතයේ ස්ථානය හිමිකරගැනීමේ අවස්ථාව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම සංචිතයේ ක්‍රීඩකයන් 16 දෙනා අතර යොවුන් ක්‍රීඩක ෂෙවෝන් ඩැනියල් ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය:

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුසංඛ, ප්‍රමෝද් මධුෂාන්, සහන් ආරච්චිගේ, අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ, චාමික කරුණාරත්න සහ ෂෙවෝන් ඩැනියල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *