deepal

දරුවන් අතරෙ ඩෙංගු- චිකුන් ගුන්යා -ඉන්ෆ්ලූවන්සා වැඩිවෙලා

දරුවන් අතර ඉන්ෆ්ලූවන්සා ඩෙංගු සහ  චිකුන් ගුන්‍යා   රෝගය  වැඩිවීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා  ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා  පැවසීය

ඩෙංගු සහ චිකන් ගුන්යා රෝගය වැඩිවී ඇත්තේ අයහපත් කාලගුණ තත්වය නිසා  බවද ඔහු සඳහන් කළේය.

ඩෙංගු මාරාන්තික හෙයින් පරිස්සම් විය යුතු බවත් චිකුන් ගුන්‍යා වැළදීමෙන්   පසු මාස ගණනාවක් පුරා  හන්දිපත් කැක්කුම් ආදියෙන් පීඩා විඳීමට සිදුවන බවත්  හෙතෙම කීය

ගර්භනී මාතාවන්ට සහ වයසක පුද්ගලයන්ට චිකුන් ගුන්‍යා   වැළඳුනහොත් සමහර අවස්ථාවලදී අසාධ්‍ය විය හැකි බවත් ගර්භනී මාතාවන් ප්‍රසූත කරන දරුවාට  විවිධ සංකූලතා    ඇතිවිය හැකි බවත්  දීපාල් පෙරේරා මහතා පැවසීය.

ඉන්ෆ්ලූවන්සා  රෝගියා දරුවන් අතරේ සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි බවද ඔහු සඳහන් කළේය. මේ තත්වය  හේතුවෙන්  මදුරුවන් බෝවන ස්ථාන  හැකි සෑම අවස්ථාවකම විනාශ කිරීමට  පියවර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරයා සියලුම  ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *