‘‘දරුවන්ට යහපත් අනාගතයක් බිහිකරනවා‘‘

ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාතික ජනබලවේගයේ එකම අපේක්ෂාව බව, එහි ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අම්පාරේ පැවැති ජනහමුවක් අමතමින් අනුරකුමාර දිසානායක මහතා මේ බව  ප්‍රකාශ කළේය.

පාසල් පද්ධතිය නවීකරණයකර, යල් පැනගිය පාසල් නිර්දේශයන් වෙනස්කර, ලෝකයේ නව දැනුම හා තාක්ෂණය සමග කරට කර සිට ගන්නට හැකිවන ලෙස දරුවන් නිර්මාණය කිරිමට හැකි අධ්‍යාපන ප්‍රථිපත්තියක් සකස් කරනවා. කිසිම දරුවකු පාසලෙන් එලියට වැටෙන්නට ඉඩ දෙන්නේ නෑ. සියළුම දරුවන්ගේ අධ්‍යාපනයේ අනාගතය රජය බාරගන්නවා.

කෘෂි කර්මාන්තය සහ පශු සම්පත් කර්මාන්තය දියුණකර, ගොවියා ණය බරින් නිදහස්කර, ලාභදායි කර්මාන්ත බවට පත්කරනන්නට කටයුතු කරනවා. ගොවි ණය පිලිබඳව සමාලෝචනයක් සිදුකර කපාහැරිමට හැකි සෑම ණය මුදලක්ම කපාහැරිමට කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *