අවුරුදු 12ත් 19ත් අතර විවිධ සංකූලතා සහ නිධන්ගත රෝගාබාධවලින් පෙළෙන දරුවන් සඳහා එන්නත් ලබාදීම රීජ්වේ ආර්යා ළමා රෝහලේ දී අද උදෑසන ආරම්භවී තිබේ.
එන්නත්කරණය සඳහා පැමිණි දරුවන් වෙනුවෙන් තෑගි පාර්සල් ලබාදීමක් ද රෝහලේදී සංවිධානය කර තිබුණි.
ඒ අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අමතරව අනුරාධපුර ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල්වලදී ද මෙම එන්නත්කරණ කටයුතු සිදුකෙරෙනු ඇත.
මෙලෙස දරුවන් සඳහා ලබාදෙන්නේ කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ය.
මේ අතර ළමා රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා සඳහන් කළේ, “අපි එන්නත්කරණය ආරම්භ කළේ ලංකාවේ පළවෙනියටම ඇටමිදුලු බද්ධය සිදුකළ තැලසීමියා රෝගී දරුවාගෙන්,” යනුවෙනි.
මේ වනවිට මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 1,368 දෙනෙකු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 510,040ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 451,742 කි.
ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 45,850 ක් පමණි.
මේ අතර, මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,448ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගෙවුණු පැය 24 තුළ මෙරටදී PCR පරීක්ෂණ 8,256 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 3,507 ක් සිදුකර තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 01කෝටි 14 ලක්ෂ 6,358කි.
මේ අතර, කොවිඩ් ආසාදිතයින්ගේ සහ රෝහල් කාර්යමණ්ඩලයේ මානසික සුවතාවය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව සංවිධාන කරන සංගීත ප්‍රසංග මාලාවේ තවත් අදියරක් ඊයේ කොළඹ ජාතික රෝහලේදී පැවැත්වුණි.