දකුණු වෙඩික්කරුවෙක් මාට්ටු

දකුණු පළාතේ මිනිස් ඝාතන දෙකක් සිදුකර තවත් ඝාතන දෙකක් කිරීමට මුදල් ලබාගෙන අරඅදිමින් සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු  අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී බලපත්‍ර නොමැති විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් ,0.38 වර්ගයේ ජීව උණ්ඩ 5 ක් 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 7 ක් මෙන්ම හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 10100 ක් පොලිස් භාරයට ගෙන ඇත.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ බුද්ධි හා ආවේශන අංශයේ නිලධාරියකුට ලැබුණු  පුද්ගලික තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව උප පොලිස් පරීක්ෂක එම් ටි.අයි සම්පත් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අහුන්ගල්ල බලපිටිය කොස්ගොඩ හික්කඩුව හා අම්බලන්ගොඩ යන ප්‍රදේශවල දින කීපයක් ආවේෂණ රාජකාරිවල යෙදී සිට වතුගෙදර අරගහතොට පොකුණු පාර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *