දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් ගිනිගෙන ඇති බව පොලීසිය පවසයි.

අධිවේගී මාර්ග පොලීසිය සඳහන් කළේ බෙලිඅත්ත හුවමාරුව ආසන්නයේදී මෙම බස් රථය එක්වරම ගිනිගනීමට ලක්ව ඇති බවය.

කෙසේ වෙතත් බස් රථය ගිනිගැනීමත් සමග එහි සිටි මගීන් සියලුදෙනා ඉන් පිටවී ඇති අතර ගින්න හේතුවෙන් ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇත.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස ගිනිගෙන ඇති බවටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *