හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධීකරණ අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් සුඛෝභෝගී ජීප්රථයට වෙඩි තබා ඔහුට සහ නීතිඥවරයාට පහරදී ලිපිගොනුවක් පැහැර ගෙන පලා ගිය බව කියන සිද්ධිය රුපියල් ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ බව අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යයි කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදියේ පැදිකරු ඇතුළු තිදෙනකු පෙරේදා වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී (27) අත්අඩංගුවට ගත් අතර මේ වන විට කාන්තාවක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි .
සෙසු සැකකරුවන් දෙදෙනා අතර යතුරුපැදිය සැපයූ පුද්ගලයා සහ පැදිකරුට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයන්ද වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පැදිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන චමිල නමැත්තෙකුගේ උපදෙස් මත තමන් යතුරුපැදිය පදවාගෙන පැමිණි බවත් වෙඩික්කරු තමන් වෙත උපදෙස් ලබා දී තිබුණේ තුසිත හල්ලොලුව මහතා සතුව ලිපි ගොණුවක් ඇතිබවත් ඔහු වෙඩි තබන අවස්ථාවේදී එය පැහැරගන්නා ලෙසත්ය.