තිලංග ගැන අධිකරණයට කරුණු කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා යැයි කියාගන්නා හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පිළිබඳව නුදුරු දිනයකදී අධිකරණයට කරුණු වාර්තා කරන බව එම සන්ධානයේ හිටපු මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය

අවසන් වරට  එහි මහලේකම්වරයා වශයෙන් කටයුතු කළේ තමා බව පැවසූ ඒ මහතා  ඉන් පසුව එය හිස්ව පැවැති බව  කීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පක්ෂ අටක් එම සන්ධානයට අයත් බව පැවසූ අමරවීර මහතා සුමතිපාල මහතා කියන සන්ධානයට ඒ කිසිදු පක්ෂයක් දැනට නැතැයිද කිය එසේ තිබේ නම් ඒවා සනාථ කර පෙන්වන ලෙසට අභියෝග කරන බවද කීය

මොවුන් මේ සියල්ල කරන්නේ අවසානයේ සමගි ජන බලවේගය හා එකතු වීමට යයිද අමාත්‍යවරයා සඳහන් කළේය

හිටපු නියෝජ්‍ය කතානායක තිලංක සුමතිපාල මහතා පසුගිය දිනෙක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී සමගි ජන බලවේගය සහ වෙනත් පක්ෂ සමඟ  සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කරමින් දැක්වූ කරුණු පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් අමරවීර මහතා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *