තිලංගට අතුරු තහනමක්

ශ්‍රී ලංකා නිදන්ස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඉබි යතුරු දැමීමේ  අර්බුදය පාදක කරගනිමින් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින්  අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් කළේය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළ අතර  අතුරු නියෝගය අගෝස්තු මස 06 දින දක්වා ක්‍රියාත්මක වේ.

අදාල නියෝගය මාලිකන්ද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *