තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අවසන්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම ඊයේ (9) මධ්‍යම රාත්‍රී 12ට අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඉකුත් 7දා අවසන් වීමට තිබූවත් එය ඊයේ (9) රාත්‍රී 12 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ලැබිණි.

තැපෑලේ දී සිදු විය හැකි ප්‍රමාදවීම් හා කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ රාත්‍රී 12 දක්වා දීර්ඝ කළ බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *