තැපැල් ඡන්දය 4 – 5 – 6

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙට (4), ලබන 5 වැනිදා සහ ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිතය.

ඊට අදාළ රක්ෂිත පැකට්ටු බෙදා හැරීම තැපැල් දෙපාර්තමේන්තුව විසින් අරඹනු ලැබ ඇත.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මැතිවරණ කාර්යාලවල සහ පොලිසි වල නිලධාරීන්ට හෙට (4) තැපැල් ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව උදාවන බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

සෙසු  රාජ්‍ය ආයතන පාසල් සහ අනෙකුත් ආරක්ෂක ආයතනවල  නිලධාරීන්ට ලබන 5 සහ 6 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතින බව පැවසූ  සභාපතිවරයා ඡන්දය පාවිච්චි කිරීමට අතපසු වන අයට ලබන 11 සහ 12 තමන්ගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් ඡන්දය පාවිච්චි කළ හැකි බවද ප්‍රකාශ කළේය.

මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 712,318 කි.

වැඩිම පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 76, 977 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *