තායිලන්තයේ සිට ලංකාවට රැගෙන ආ සත්තු කටුනායකින් පන්නන්න බැරිවෙයි

වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට එරෙහිව ශ්‍රී ලංකාවට බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී   ආනයනය කළ , ශ්‍රි ලංකාවේ පරිසර පද්ධතියට බලපෑම් කළ හැකි ජලජ ජීවීන් පිරිසක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන  ආ ගුවන් මගීන් තිදෙනකු සමග 05/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී  ශ්‍රි ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගෙන තිබේ .

මොවුන් තිදෙනා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි සුරතල් මසුන් ව්‍යාපාරික කටයුතු වල නිරත කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි .

ඔවුන් 05/01 දින උදෑසන 09.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ රතු කන් ඉබ්බන් , ඇළි රතු කන් ඉබ්බන් , රතු වළිග මගුරන් , ඇළි කිඹුල් මත්ස්‍යයන් , විවිධ වර්ග වල ගොළුබෙල්ලන් සහ ඌරෙකුගේ මෙන් නාසයක් ඇති පිග් නෝස් ඉබ්බන් විශාල ප්‍රමාණයක් ද සිටිති .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇති රතු කන් ඉබ්බන් වර්ග දෙක , දැනට ලෝකයේ සිටින ආක්‍රමණශීලීම ඉබ්බන් විශේෂයක් බවත් , එසේම රතු වළිග මගුරන් ද , එම මසුන්ට වඩා විශාල මසුන් පවා ඉතා පහසුවෙන් ගිල දැමිය හැකි මත්ස්‍යයන් විශේෂයක් බවත් රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .

මේ වනවිට මෙම සතුන් අත් අඩංගුවට ගත් රේගු නිලධාරීන් , මේ පිළිබදව මෙම සතුන් රැගෙන ආ  ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර , මේ පිළිබද රේගු විමර්ශනයකින් පසුව මෙම ජලජ ජීවීන් තොගය ආපසු තායිලන්තය බලා ප්‍රති අපනයනය කිරීම සදහා භාර දීමට නියමිතය .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *