තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා ට එරහිව පැවරූ නඩුව විභාගයට නොගෙන උප කුලපතිවරයා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා තීන්දු කළේය.
පැමිණිලිකාර තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩු පැවරීම සිදුකර නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා උප කුලපතිවරයා සියලු චෝදනා වලින් නිදහස් කරන බව සිය තීන්දුව ඉදිරිපත් කරමින් සදහන් කළේය.
මෙසේ නිදහස් කරනු ලැබුවේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතාය.
මහාචාර්යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික බාලසූරිය මහතා මූලික විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළ අතර එම විරෝධතා සලකා බැලීමෙන් පසුව මහාචාර්යවරයා නිදහස් කිරීමේ නියෝගය නිකුත් කළේය.
මාතර විශ්ව විද්‍යාල විද්‍යායතන යේ සේවයෙන් ඉවත්ව ගිය සේවකයෙකු සිය පත්වීම් ලිපියට අදාළව ඉල්ලා සිටි තොරතුරු ලබාදීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.