Ministry to import 200,000 hatching eggs

තව බිත්තර මිලියන 42 ක් ගේන්න කැබිනට් අනුමැතිය

පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට බිත්තර ලබාදීම සඳහා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දේශීය වෙළඳපොළෙහි බිත්තර මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අප්‍රේල් 30 දින දක්වා අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට ඉකුත් දෙසැම්බර් 18 දින පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය ලබා දී තිබිණි.

ඒ අනුව මේ වන විට බිත්තර මිලියන 18ක් පමණ ඇනවුම්  කර තිබෙන අතර උත්සව සමයේ අවශ්‍යතා සඳහා තවත් බිත්තර මිලියන 42 ක් පමණ ආනයනය  කළ යුතුව ඇති බවට ගණනය කර තිබේ.

එම බිත්තර ප්‍රමාණය ආනයනය කිරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත ඉන්දීය ආයතන වෙතින් මිල ගණන් කඳවා ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාල ප්‍රසම්පාදන ප්‍රදානය  කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *