තවත් බස් රථ යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට, ලංගමට උපදෙස්

දුම්රිය මගීන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේදී සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා තවත් බස් රථ ඔවුන් සඳහා යොදවන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට (NTC) සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) උපදෙස් දුන්නේය.

පසුගිය සිකුරාදා (7) සිට දුම්රිය එන්ජින් රියදුරන් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානයට යොමුව තිබේ.

ඒ අනුව අවිස්සාවේල්ල, පොල්ගහවෙල, අලුත්ගම, පානදුර, හලාවත, ගම්පහ සහ මීගමුව සිට කොළඹට පැමිණීමට නියමිත බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමට උපදෙස් දී ඇත.

මෙම තත්ත්වය විශේෂ අවස්ථාවක් ලෙස සලකා ඒකාබද්ධ කාලසටහනෙන් බැහැරව බස් රථ ධාවනය කරන ලෙස අමාත්‍යාංශය NTC සහ SLTB වෙත උපදෙස් දී තිබේ.

මේ සම්බන්ධයෙන් මගීන්ට සිදු වූ අපහසුතාවය පිළිබඳව අමාත්‍යාංශය කනගාටුව පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *