තවත් පාරිභෝගිකයන් ඝාතනයට ඉඩ නොතබා ගෑස් බෝම්බවලට එරෙහිව වහා පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා රජයෙන් ඉල්ලා සිටී.
පසුගිය 26 වැනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාවට අවශ්‍ය ස්වභාවික ගෑස් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි. පසුව ලබාදෙන ගෑස් සිලින්ඩර් ‘බෝම්බ’ බවට පත්වී පිපිරෙන බවද ඔහු පැවසීය.
කොළඹ, වැලිගම, මහනුවර, කොට්ටාව සහ හෝකන්දර යන ප්‍රදේශවල ගෑස් සිලින්ඩර් පිපිරී ගොස් ඇති බවත්, එම සිද්ධීන් පිළිබඳව සොයා බලා නිසි පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
ඔහු පැවසුවේ “ගෑස් පාරිභෝගිකයින්ගේ ජීවිත සහ දේපළ අනතුරේ. ගෑස් සිලින්ඩරයක පරිමාවේ වෙනස්වීම් රසායනික වෙනස්කම් හා පිපිරීම් වලට හේතු විය හැකි බව අනාවරණය වී තිබේ. විනිවිද භාවයෙන් යුතුව විමර්ශන සිදුකිරීමට විශේෂඥයින් යොදවා ඔවුන්ගේ වාර්තා රටට හෙළි කරන ලෙසත් ගෑස් බෝම්බ අලෙවි කරන සමාගම්වලට එරෙහිව පියවර ගන්නා ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.”
ගෑස් සිලින්ඩර් පිපිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.
පොළොන්නරුව, සඳුන්පිටිය, වැලිකන්ද ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් දින 12ක් කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක කාන්තාවක් බ්‍රහස්පතින්දා (25) මියගොස් තිබේ.