තවත් ගෑස් තොගයක් දිවයිනට…

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඊයේ කොළඹ වරායට සේන්දු වූ අතර ගොඩබෑමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා පැවසීය.

ඔහු පැවසුවේ ඊයේ පස්වරු 7.00ට පමණ ගෑස් ගොඩබෑම ආරම්භ කළ බවයි.

“ගෑස් සිලින්ඩර නැවත පිරවීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින අතර දිනකට ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ වෙළඳපොළට නිකුත් කළ හැකි බව” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *