ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.
ජනාධිපතිවරණයට පෙර දින ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සන ඇතුව මෙම චෙක් පත් නිකුත් කර තිබූ බවද එහිදී හෙළිවිය.
සභාපතිවරයා බලපෑම් කළ නිසා වියදම් සහතික කළ බවත් එසේ නොකළේ නම් මාරු කරාවි යැයි සිතූ බවත් තරුණ සේවා සභාවේ නිලධාරීහු කමිටුව හමුවේ පැවසුහ.
තමන්ට පැවරුණු කාර්යභාරය නිවැරදිව ඉටුකරන ලෙස කෝප් කමිටුවේ සභාපති ෙෙවද්‍ය නිශාන්ත සමරවීර මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.
එවකට මුදල් අධ්‍යක්ෂවරයා කාරක සභාවට පැමිණ සිටියද පහළ නිලධාරින් අදහස් ඉදිරිපත් කරද්දී නිහඬව සැඟවී සිටීමට උත්සාහ කිරීම කාරක සභාව නොමඟ යැවීමක් බව එහිදී ප්‍රකාශ විය.
මේ අනුව ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවට කැඳවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි දහයක් ලැබුණු බවයි. සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික නිකුත් කර චෙක්පත් නිකුත් කිරීමට සිදුවූ බවද ඔවුහු සඳහන් කළහ.
මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ මෙය ඉතා සංවේදී කාරණයක් බවයි.
රජයේ නිලධාරින් බිල්ලටදී ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා මුදල් අවභාවිත කර ඇති බවද ඔහු සඳහන් කළේය.