ලංකා විදුලිබල මණ්ඩලයට අයත් මන්නාරම “තම්බපවනි” සුළං බලාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (02) නිරීක්ෂණය කළේය.
රට විදුලිබලයෙන් සවිබල ගැන්වීම, ස්ථාවර විදුලි සැපයුමක් ලබා දීම සහ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණින් “තම්බපවනි” සුළං බලාගාර ව්‍යාපෘතිය 2014 වසරේ ආරම්භ විය. බලාගාරය ප්‍රධාන මෝසම් සුළං දෙකටම මුහුණ දෙන මන්නාරම වෙරළට කිලෝමීටර් 13 ක් ඔබ්බෙන් හෙක්ටයාර් 150 ක භූමි භාගයක පිහිටා ඇත.
බලාගාරය මීටර් 90 ක ටර්බයින උසකින් යුත් කුළුණු 30 කින් සමන්විත වේ.
භ්‍රමණය වන තලවල (සුළං මෝල) විෂ්කම්භය මීටර් එකසිය විසි හයක් වන අතර සුළං ටර්බයින මගින් මෙගාවොට් 3.45ක විදුලි බලයක් ජනනය කරයි. මෙම ව්‍යාපෘතියට මන්නාරමේ නඩුුඩා හරිත උපපොළ සහ පුදුකාමන් වෙත කිලෝමීටර් 36ක සම්ප්‍රේෂණ පද්ධතියක් ඇතුළත් වේ.
සම්පූර්ණ බල ධාරිතාව මෙගාවොට් 103.5 කි. මෙම පද්ධතියෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට වැයවන මුදල රුපියල් 08කට වඩා අඩු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ප්රශස්ත බල සැපයුමක් සඳහා විශේෂිත තාක්ෂණයන් රැසක් සහිත මෙම පරිසර හිතකාමී, නවීනතම සුළං බලාගාරය පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කරා යන ගමනේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
තම්බපවනි සුළං බලාගාරයෙන් තවත් මෙගාවොට් 50ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙහි ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිතුමා නව සුළං බලාගාර ඉදිකළ හැකි ස්ථාන පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ වන විට සුළං බලාගාර මගින් මෙගාවොට් 248ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. කෙටි කාලයක් තුළ මෙය ඉහළ නැංවීමේ හැකියාව සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ වූ අතර ජනාධිපතිතුමා බලාගාරයේ සියලු කටයුතු නිරීක්ෂණය කළේය.
2030 වන විට රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම රජයේ අරමුණයි.
පරිසරයට හානියක් නොවන පරිදි අඩු වියදම් විදුලි උත්පාදනය ප්‍රවර්ධනය කරමින් ඉදිරියේදී විදුලි බිල අඩු කිරීම ද මෙහි අරමුණයි. මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්ත පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.එච්.ඩී.කේ. සමරකෝන්, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන්, වැඩබලන සාමාන්‍යාධිකාරී රොහන්ත අබේසේකර යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.