ඩුබායි තරංගගේ ගෝලයෙක් කොටුවෙයි

ඩුබායි තරංග නමැති සංවිධානාත්මක අපරාධකරු සමග මුදල් ගනුදෙනු සිදුකරනු ලබන පුද්ගලයෙකු කුරුණෑගලදී පොලිස් විශේෂ කර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 18 වනදා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 55 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ කරුණු මත මෙම සැකකරු කොටුකර ගැනීමට හැකිවී ඇත.

ඩුබායි තරංග නමැති සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු වන මෙම සැකකරු මාවතගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඩුබායි තරංග නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් ගනුදෙනු සිදුකරන ප්‍රධානියෙකු බව හෙළිවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *