ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබූ ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දුන් බව ආගමන විගණන පාලක ජනරාල් හර්ෂ ඉලූක්පිටිය මහතා පවසයි.

ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ ඇයට ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය තවදුරටත් පාවිච්චි කළ නොහැකි බැවින් එය සිය දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස ලිඛිතව දැනුම් දුන් බවත් ඒ අනුව මීට දින දෙකකට පමණ පෙර එම විදේශ ගමන් බලපත්‍රය තමන් වෙත බාර දුන් බවත් ඉලූක්පිටිය මහතා කීය.

ඩයනා ගමගේ මහත්මියට මේ වන විට විදේශ ගමන් තහනමක් ද පනවා ඇති බැවින් ඇයට ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් නොමැති බව ද හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පුරවැසියකු නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මස 8 වැනිදා තීරණය කිරීමත් සමඟ ඇයට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය භාවිතා කිරීමට නොහැකි තත්වයක් ඇති විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *