සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා මාර්තු මස 19 වනදා සිට පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ආරම්භ කළ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
එම කණ්ඩායම් විසින් සංවිධානාත්තමක අපරාධ කල්ලි සාමාජිකයින් 6 දෙනෙක් සහ තවත්ත සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
එම පුද්ගලයින්ව කළුතර, ගාල්ල, බස්නාහිර පළාත (දකුණ) හා බස්නාහිර පළාත (උතුර) යන අපරාධ කොට්ඨාසවල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.