ටි 56 ක් ලක්ෂ දෙකකට විකුණන්න ගිය වෙළදසැල් හිමි අල්ලයි

වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ සමග  අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී රුපියල් ලක්ෂ දෙකකට විකුණූ තවත් ටී56 ගිනි අවියක්, මැගසීනයක්, උණ්ඩ 11 ක් සමග වෙළෙඳසල් හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

වැල්ලම්පිටිය පොලිසිය මගින් පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශන වලින් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිකන්ද ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ සමඟ සිවිල් ආරක්ෂක බලකා නියාමකවරයකු  අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 90 රැඳවුම් නියෝග මත සිදුකළ වැඩිදුර විමර්ශනවලදී  රුපියල් ලක්ෂ දෙකක මුදලකට මෙම ගිනි අවිය සහ උණ්ඩ විකුණා ඇති බවට තොරතුරු අනාවරණය විය.

ඒ අනුව අත්අඩංගුවට ගත් ගිනි අවිය කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා යොදාගෙන ඇද්ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *