ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ මහත්වරුන් අතර හමුවක් චීන ජජියාන් පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේදි පැවැත්විණි.
චීන කොමියුනිස් පක්ෂයේ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් චීන සංචාරයක නිතරව සිටිති.
එම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳව විශේෂයෙන් සකචිඡාවට බදුන් විය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට චීනයෙන් මෙන්ම ජජියාන් පළාතෙන් ලබාදීය හැකි ඉදිරි දායකත්වය පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් විය.
මෙම හමුව සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, නියොජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ් .එම්. ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ජජියාන් පළාතේ උප ආණ්‌ඩුකාර ලූ ෂන් , චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ දකුණු ආසියානු කලාපයේ අධක්ෂක ජනරාල් පඅන් ෂියු බින් ඇතුලු ජජියාන් පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් ද එක් වී සිටියහ.