ටිරාන්ට මරණ තර්ජන

මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට ඩුබායිහි සිටින පාතාල නායකයකුදුරකතන ඇමැතුමක්දී මරණ තර්ජන කර ඇතැයි ඔහු වැඩබලන පොලිස්පතිවරයාට පෞද්ගලිකවම පැමිණිලි කර තිබෙන බව වාර්තාවේ.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද දැනගන්නට ඇත.

ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී පාතාල නායකයඅන් හා පාතාල සාමාජිකයන් නැවත මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව සදහන් කරමින් පාතාල නායකයා අලස් මහතාට දුරකතන ඇමතුම් කිහිපයක්ම ලබාදී මෙසේ මරණ තර්ජන කර ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය

ටිරාන් අලස් මහතාට පාතාල නායකයෙකු මීට පෙරද මරණීය තර්ජන කර තිබිණ.

මේ සිද්ධියෙන් පසු ටිරාන් අලස් මහතාගේ අාරක්ෂාව තවදුරටත් තර කිරීමට කටයුතු කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *