ඇමෙරිකාව ඉරානයට පහරදීමට අනුමැතිය ලබාදී නොමැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතත් ට්‍රම්ප් පරිපාලනය වක්‍ර අනුමැතිය ඒ සඳහා ලැබී ඇති බවත් ඊශ්‍රායල ඉරාන යුද්ධය දින ගණනක් නොව සති ගණනක් පුරා පවතිනු ඇති බවත් ධවල මන්දිර හා ඊශ්‍රායල රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ටෙහෙරානයට යන මාවත පාදාගෙන තිබෙන බවත් නුදුරු අනාගතයේදී ඊශ්‍රායල ගුවන් හමුදාව, එහි ප්‍රහාරක යානා, ගුවන් නියමුවන් ටෙහෙරාන අහසේ දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්ය.
ඉරානයේ යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානයට ඊශ්‍රායලය ආරක්ෂක හමුදා දැඩිව ප්‍රහාර එල්ල කළ බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි පාලනයේ සෑම ඉලක්කයකටම සහ සෑම මධ්‍යස්ථානයකටම ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කරනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කළේය.