තීරු බදු ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලියුමක් යැවූ නමුත් ඒකට ඇමරිකාවෙන් උත්තරයක් ලැබී නැතැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ආණ්ඩුවේ ප්‍රතිපත්ති බැලූ විට ලංකාවේ නිෂ්පාදන විදේශ වලට යවනවාට වඩා විදේශ වල නිෂ්පාදන ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවධානය යොමු කර තිබෙනවා.ඔබලා බලයට එන්න පෙර කළ ප්‍රකාශ බලයට ආ පසු වෙනස් වී තිබෙනවා.අද වනවිට හාල් පිටරටින් ගේනවා පමණක් නොව මේ වන විට ධීවර ගොවි සහනාධාරය වෙලාවට දෙන්නට නොහැකි වී තිබෙනවා.මේ කන්නයේදිත් පහුගිය ආණ්ඩු වලට චෝදනා කරනවද? අවංකව උත්තර හොයනවද?කජු කනවා වගේ ලුණු කන්නේ නෑ කියලා තර්කයක් ගේන්න පුළුවන්. ඒත් ලුණු අවශ්‍යයි.
ඩයස්පෝරාවට එක පොරොන්දුවක් දීලා බලයට ඇවිත් තව එකක් කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.