LK reports news sinhala

ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට තරවටුවක්

ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය.

ඉරානය හා ඊශ්‍රායලය දැන හෝ නොදැන සටන් විරාම ගිවිසුම කඩකර තිබෙන බවත් දෙපාර්ශ්වය කරන්නේ කුමක්ද යන්න ඔවුන්ට නොවැටහෙන බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය.

ඊශ්‍රායලය අද පෙරවරුවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන අතර තමන් එයට කිසිම කැමැත්තක් නොතිබූ බවත් තමන්ට ඊශ්‍රායලය සන්සුන් කිරීමට සිදුවන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. නැවත යුද්ධයක් ඇතිවීම නැවත්වීමට හැකි සෑම උත්සාහයක්ම නේටෝ සමුළුව ආරම්භ වීමට පෙර තමන් ගන්නා බවද ඔහු පැවැසුවේය.

සටන් විරාමයකට එකඟ වීමෙන් පසුව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙළා ඇති බවත් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය පිළිබඳව තමන් සතුටු නොවන බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඉරානය සහ ඊශ්‍රායල දීර්ඝ කාලයක සිට යුද වැදීම හේතුවෙන් තමන් කරන්නේ කුමක්දැයි දෙපාර්ශ්වයට අමතක වී ගොස් ඇති බව ඇමෙරිකා ජනපතිවරයා පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *