ජෙරොම් විදෙස් තහනම ලිහිල් නොවේ

ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

අන්‍යාගමිකයන් අතර ඇති සංහිදියාව බිඳ හෙලන ආකාරයේ දේශන පැවැත්වූ බවට එල්ලවූ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මේ වනවිට ඇප මුදා හැර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *