ජුනි මස ඉන්ධන මිලේ වෙනසක් නොවේ

ලංකා ඛනිජ තෙල් නීතිගතත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය ලබන ජුනි මස සිදු නොවන බවත් ජුනි මාසයේ ද මැයි මස පැවති ඉන්ධන මිල නොවෙනස්ව ක්‍රියාත්මක වන බවත් එම සංස්ථාව මීට සුළු මොහොතකට පෙර පැවසීය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 293 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 341 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274 ක, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325 ක සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178 ක තවදුරටත් පවතින බව ද ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *