ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට සැලසුම්

සංචාරක කර්මාන්තයට සම්බන්ධ විවිධ ආයතන ඒකාබද්ධ කර ගනිමින් ජාතික සංචාරක කොමිෂන් සභාවක් පිහිටුවිමට ඉදිරියේදී කටයුතු කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි.

සංචාරක ව්‍යාපාරයේ නිරත වන පිරිස් අතරින් 8000ක පමණ පිරිසක් රජයේ ලියාපදිංචි වී ඇති අතර, අවිධිමත් සංචාරක කර්මාන්තයේ නිරත පිරස් කඩිනමින් ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(09) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *