LK reports news sinhala

ජාතික ලැයිස්තුවේ 74කට මැකෝ නඩු දායි

වියදම් වාර්තා බාර නොදුන් පසුගිය මහ මැතිවරණයේ  දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල සිටි අපේක්ෂකයන් 74 දෙනෙකුටද  නඩු පැවරීමට තීරණය කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අප අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) නීතිඥ  චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම අපේක්ෂක ලැයිස්තු පොලිසියට බාර දීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවයි.

මෙයට අමතරව  වියදම් වාර්තා භාර නොදුන්  දේශපාලන පක්ෂ එකසිය තිස් හතරකටද නඩු පැවරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරගෙන යන බව  කුලරත්න  මහතා සඳහන් කළේය.

වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයන් සංඛ්‍යාව අටසීයකට අධිකය.

ඒ අයටද වෙන වෙනම නඩු පැවරීමට කටයුතු කෙරේ.

ඒ ඒ පොලිස් ස්ථාන මගින් විමර්ශන පැවැත්වීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම විමර්ශන ලිපිගොනු  නීතිපතිවරයාට යොමු කෙරෙනු ඇතැයි  චින්තක කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

වියදම් වාර්තා  භාරදීම පැහැර හරින අපේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට දඩ නියම කිරීම, සිර දඬුවම් නියම කිරීම හෝ ඉදිරි මැතිවරණ කටයුතු වැළැක්වීම වැනි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතියේ ප්‍රතිපාදන පවතින බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *