විමල්

ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළ ධනවතුන් පිරිසකට එනවා – විමල් වීරවංශ

මෙරට ජාතික ආදායමෙන් සියයට 64 ක් ඉහළම ධනවතුන් සියයට 10 ක් භුක්ති විඳින බවත් පහළම ස්තරය වන සියයට 50 ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4 ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් බුක්ති විදින බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවකින් හෙළි කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
රටේ බදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ ඉහත කී බරපතළ විෂමතාවට සරිලන ආකාරයට බවත් එම විෂමතාව පිළිබඳව කිසිත් නොසිතා වක්‍ර බදු තොග පිටින් පැටවීමෙන් පහළම සිටින සියයට 50 ක ස්තරය ජාතික ආදායමෙන් භුක්ති විඳින සියයට 4 ක ප්‍රමාණය ද අහිමි වියහැකි බවත් ඒ මහතා කීය.
වත්මන් පාලකයන් පාලනතන්ත්‍රය මෙහෙයවන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳව නිවැරදි කිරාමැන බැලීමකින් තොරව බව කී ඒ මහතා ආනඩුව හැසිරෙන ආකාරයට අවබෝදයක් නොමැති යැයි පැහැදිළි බව ද වීරවංශ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වීරවංශ මහතා එසේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *