ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වහා විවාදයක් පැවැත්විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
“මුල්‍ය ආධාර සඳහා ජාමූඅ සම්බන්ධ කර ගැනීමට රජය එකඟ වී ඇති බැවින්, ඔවුන්ගේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුය.”
අද විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කළේය.