ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බව පාකිස්තාන රජය ඉල්ලා සිටී.
මෙම ඉල්ලීම කර ඇත්තේ පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසීෆ් ය. එසේ විමර්ශනයක් පවත්වන්නේ නම්, ඊට තමන්ගේ සහාය පූර්ණ වශයෙන් ලබා දෙන බව ද පාකිස්තාන රජයත් එරට හමුදාවත් පවසා ඇත.