ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්‍රීඩා ඇමති හමුවෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මුහුණ දෙන ගැටළු සහ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කීපදෙනෙක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  හමුවූහ.

කොළඹ සංචාරක අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, ජාතික තේරීම් කමිටු සභාපති උපුල් තරංග, එක්දින සහ විස්සයි20 යන කණ්ඩායම්වල නායකයන් වන කුසල් මෙන්ඩිස් සහ වනිදු හසරංග ද මෙම හමුවට සහභාගි වූහ.

නවීන තරඟ රටාවන්ට ගැලපෙන පරිදි මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ව හැඩගැන්වීම,නව මාදිලියේ පුහුණු ක්‍රමවේද සහ මානසික ඒකාග්‍රතාවයන් පිළිබඳව සහ දක්ෂතා ප්‍රවර්ධනය කර ගනිමින් ඉදිරි තරඟ ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම,වැනි සුවිශේෂී කරුණු රැසක් එහිදී සාකච්ඡා කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *