ජනතා විමුක්ති පෙරමුණ තමයි ලංකාවේ වඩාත්ම දූෂිතම දේශපාලන පක්ෂය.පක්ෂ අරමුදල කියලා නමක් දාලා, සහෝදරයෝ කියලා සල්ලි දෙන අයට තව නමක් දාලා, මේ ගණුදෙනුව දිගටම කරගෙන යනවා.එදා තිබුණ නිර්ධන පාන්තික පක්ෂය නෙමෙයි දැන් තියෙන්නේ. ඔවුන් සියලු ධනපති පක්ෂ වලට වඩා ධනපතීයි දැන්, පොඩි මිනිහා ගැන කිසිම සැලකිල්ලක් නෑ, පොඩි මිනිහා නැති වෙලා තියෙන්නේ, අනාගතයේ මීටත් වැඩිය නැතිවෙන්න නියමිතයි යැයි සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිලීත් ජයවීර මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, ඉපලෝගම, මහමීගස්සෑගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.මෙම අවස්ථාවට එම පක්ෂයේ නියෝජ්‍යය නායක එස්.එම් චන්ද්‍රසේන මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රී ටී.එම් සිරිපාල මහතා හා මෙවර පළාත් පාලන මැතිවරණයට ඉපලෝගම ප්‍රාදේශීය සභාව සඳහා තරඟකරන සර්ව ජන බලය පක්ෂයේ අපේක්ෂක මහත්ම මහත්මීන් ඇතුළු පාක්ෂිකයින් සහභාගී වූහ.
“අත්දැකීම් තියෙන අය දන්නවා.අපේ සංකල්පය වන සර්ව ජන සභාව පිහිටුවීම කියන සංකල්පය තුළ කොහොමද වෙනදා පළාත් පාලන ආයතනයෙන් කරපු වැඩේට අමතරව අවශ්‍යය වෙන ගමේ දියුණුව කියන සංකල්පය අපි ගේනවා.
ගමේ පවුල් වලට, ජීවිත වලට දැනෙන වෙනසක් ප්‍රවේශයක්, වැඩක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.මේ ගොල්ල ආපහු බලය ඉල්ලනවා මේ පළාත් පාලන ආයතන වල තියෙන දූෂණය නවත්වන්න.පලාත් පාලන ආයතන වල නෙමෙයි ලංකාවේ හැම ආයතනයකම දූෂණය තිබුණා සහ දූෂණය තියෙනවා.ජනතා විමුක්ති පෙරමුණ තමයි ලංකාවේ වඩාත්ම දූෂිතම දේශපාලන පක්ෂය.ඒක මම බොහෝම වගකීමෙන් කියන්නේ ප්‍රසිද්ධ වේදිකාවේ.ඒක මම දිගින් දිගටම කියාගෙන ඇවිත් තියෙනවා.
පක්ෂ අරමුදල කියලා නමක් දාලා, සහෝදරයෝ කියලා සල්ලි දෙන අයට තව නමක් දාලා, මේ ගණුදෙනුව දිගටම කරගෙන යනවා.අපි බොහෝම කණගාටුවට පත් වෙනවා එදා තිබුණ නිර්ධන පාන්තික පක්ෂය නෙමෙයි දැන් තියෙන්නේ.මමත් ගියා දෙපාරක් පන්ති 05 ට, අපි හිතුවා නිර්ධන පන්තියට ලොකු උදව්වක් කරලා, නිර්ධන පන්තියේ ධනය වර්ධනය කරන්න තමයි අපි විශ්ව විද්‍යාලයට යන කාලේ පන්ති 05 ට ගිහින් ජ.වි.පෙට ගියේ, දැන් මොකක්ද වෙලා තියෙන්නේ?
දැන් විපතක් වෙලා තියෙන්නේ, මොකද ඔවුන් සියලු ධනපති පක්ෂ වලට වඩා ධනපතීයි දැන්, පොඩි මිනිහා ගැන කිසිම සැලකිල්ලක් නෑ, පොඩි මිනිහා නැති වෙලා තියෙන්නේ, අනාගතයේ මීටත් වැඩිය නැතිවෙන්න නියමිතයි.මේ අය-වැය යෝජනා ටික ක්‍රියාත්මක වුණාම නැත්තටම නැති වෙනවා.
ඒකට හේතු දෙකක් තියෙනවා, එකක් තමයි මේ ජනතා විමුක්ති පෙරමුණ එන්.පී.පී කියලා අටවා ගත්ත මේ පූට්ටුව ඇත්තටම අර කොළඹට කිරි ගමට කැකිරි කියන කථාවේ කිරි-කැකිරි එකට දැම්මාම ආපු කතන්දරය තමයි මේ තියෙන්නේ.එහෙන් වලව්ව නියෝජනය කරමින් , ඔ්තමෝ, අපේ හරිනී මැතිතුමිය, ගොඩක් ආඩම්බරයි අපේ ජනතා විමුක්ති පෙරමුණේ අපිත් එක්ක එකට දේශපාලනය කරලා, එකට විශ්ව විද්‍යාලයේ ගිහිල්ලා, මේ ධනපතියට භංගවේවා කියලා, ජේ.ආර් මරමු කියලා රතු පාටින් බිත්තියේ ලියපු අපි දැන් වලව්වේ හාමු මහත්තයා එක්ක එකට කොළපාටින් ගහපු පොත, දැන් දම්පාටින් ගහලා, ඒකේ තියෙන ඒවා ඔක්කෝම ක්‍රියාත්මක කරමින්, අපේ ගමට තිබුණු පෞරුෂය නැති කරලා තියෙනවා.
මමත් එන්නේ ගමකින්, මගේ අම්මා ගුරුවරියක්, ගමෙන් කොළඹට ආවම අපිට පෞරුෂයක් තිබුණා, අපි කොළඹත් එක්ක හැප්පුණා, භය නැතිව හැප්පුණා, මේ ගොල්ල හතරට නැමිලා තියෙනවා.අද දුප්පත් මිනිහා නැති වෙන සියලු දේ ක්‍රියාත්මක කරලා තියෙනවා.එන කොට කිව්ව හැම පොරොන්දුවක්ම අමතක කරලා තියෙනවා.ඒක එතන්ට ගෙනාවේ මේ දේශපාලනයේ හිටපු පවුල් දේශපාලනයේ ආත්මාර්ථකාමී දේශපාලන නායකයෝ, ඔබේ ජීවිතය වෙනස් කරන්නේ නැත්නම් දේ කරන දේශපාලනයෙන් වැඩක් නෑ.අපි කරන්නේ නිර්ව්‍යාජ දේශපාලනයක්, පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ අපි ගම් එක්ක බද්ධ වෙලා, මේ වගේ ඇවිත් ගම දියුණු කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා යැයි පැවසීය.