ජල සම්පාදනයේ රු. කෝටි 51ක ජල මිටර් අතුරුදන්

රත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයත් ගබඩා අංගණයක තිබී රුපියල් කෝටි 51කට අධික වටිනාකමින් යුත් ජල වායු පීඩන මීටර් තොගයක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජලාපවහන මණ්ඩලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගෝස්තු 23 වන දින පැමිණි කර ඇත.

ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලයට අයත් රුපියල් පනස් එක් කෝටි තිස්හය ලක්ෂ හතළිස් හතර දහස් පන්සියයක් (513,644,500) වටිනා මෙම ජල වායු මීටර් තොගය අගෝස්තු මස 20 වෙනිදා එම ගබඩා අංගණය විවෘත කර බැලීමේදී අස්ථානගත වී ඇති බව සඳහන් කර ඇත. රත්මලාන පිහිටි ජාතික ජල සම්පාදන සහ ජලපවහන මණ්ඩලයේ වාණිජ අධ්‍යක්ෂ ඩබ්.එස්. කුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය සිදු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනයෙන් ප්‍රගතිය වාර්තා කරන ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත දැනුම් දී ඇති බව ජලාපවහන මණ්ඩලයේ වාණිජ අධ්‍යක්ෂක ඩබ්.එස්. කුමාර විසින් දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *