රට පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට කෝටි 1450ක හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩල ආරංචි මාර්ග සදහන් කළේය.
මෙම හිඟ මුදල් වහාම ගෙවන ලෙස මණ්ඩලය එම ජල පාරිභෝගිකයන්ට දැනටමත් දැනුම් දී ඇත.
ජල බිල් ගෙවීම් පැහැර හැර ඇති ජල පාරිභෝගිකයන් රැසකගේ ජල සැපයුම් විසන්ධි කර ඇතැයි මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මේ අතර ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ජල පාරිභෝගිකයන් ජල බිල්පත් කලට වේලාවට ගෙවීම මගහරින තත්වයක් පෙනෙන්නට ඇති බව මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.