ජපුර රෝහලෙන් පිනට බේත් අරං

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ ඇතැම් රෝගීන් ප්‍රතිකාර සඳහා මුදල් ගෙවා නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහල දිගින් දිගටම අලාභ ලබන තත්ත්වයේ පවතින බවද එහිදී හෙළි වී ඇත

රෝහල්ගතවූ ඇතැම් රෝගීන් ගෙවීම් සිදු කර නැති බවත් විශේෂඥ සේවා පවත්වාගෙන ගියද එමගින් ප්‍රමාණවත් ආදායමක් රෝහලට ලැබී  නැති බවත් කෝප් කමිටුව පවසයි.

මෙම දූෂණ වංචා සහ ක්‍රමිකතා විමසීම සඳහා රෝහලේ හිටපු සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමටද මෙහිදී තීරණය කර ඇත.

මැතිවරණ සමයක් ආසන්නයේ අනුමත නොවූ තනතුරු ප්‍රමාණයක් වෙනුවෙන් පත්වීම් ලබාදී ඇති බවට  එහිදී තොරතුරු අනාවරණය විය.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ජයවර්ධනපුර මහාරෝග්‍යශාලා මණ්ඩලයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය  නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *