ජපාන රජය විසින් මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදය මැඬලීමට අවශ්‍ය උපකරණ පරිත්‍යාගක්

නීති විරෝධී මත්ද්‍රව්‍ය මැඬලීමට සහ ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට භාවිත කළ හැකි වාහන සහ උපකරණ ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත.

මෙම පරිත්‍යාගය ජපන් රජයෙන් පිරිනැමෙන ප්‍රදානයේ දෙවන අදියර වන අතර එය සංකේතාත්මකව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ජපාන තානාපති Mizukoshi Hideaki විසින් අද (08) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසුවේ, පරිත්‍යාග කළ වාහන සහ උපකරණ රුපියල් මිලියන 100 ක් වටිනා බව ය. මිලියන 700කට ලෑන්ඩ් කෲසර් 28ක්, ප්‍රාඩෝ වාහනයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් ඇතුළත් විය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ රජයේ රස පරීක්ෂක ගව්රි රාමනා යන මහත්වරු ශ්‍රී ලංකා පොලිසිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් වාහන සහ උපකරණ ලබා ගත්හ.

අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *