ශ්‍රී ලංකාවෙන් ලැබී ඇති ඉල්ලීම් සහ ආර්ථික තත්වය ප්‍රථමයෙන් සළකා බැලීමෙන් පසුව පමණක් මෙරට නව ව්‍යාපෘති පටන් ගැනීම පිළිබඳව ජපානය තීරණයකට එළැඹෙනු ඇතැයි මෙරට ජපාන තානාපති කාර්යාලය පසුගියදා ප්‍රකාශ කළේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව නැවත ආරම්භ කළ ව්‍යපෘති 11 ඉදිරියට ගෙන යාම සඳහා ජපානය මෙම අවස්ථාවේ ප්‍රමුඛතාවය ලබාදෙන බවද තානාපති කාර්යාලය පැවැසුවේය.
නව රජයත් සමග ජපානය මෙරට නව ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවාදැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තානාපති කාර්යාලය මෙම අදහස් පළ කළේය.
නැවත ආරම්භ කළ ව්‍යපෘති 11 සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජපාන තානාපති කාර්යාලය පවසා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු බොහෝ ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට යමින් තිබෙන බවයි.