ජන අරගලයත් දිවයිනටම නම් දෙයි

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය  පැවසුවාය.

අවසාන වශ⁣යෙන් ජන අරගල සංවිධානය නාම යෝජනා ලබා දුන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට බවත් ළහිරු වීරසේකරගේ නායකත්වයෙන් ඊට තරග වදින බවත් ඇය සදහන් කළාය.

පසුගිය මැතිවරණයෙන් ජනතාව අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා සේම මෙවර මැතිවරණයෙන් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම සදහා ජන අරගල සංවිධානය හා එක්වන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

පසුගිය අරගලයට සම්බන්ධ වූ නායකයන් ඇතුළු ශක්තිමත්ව කණ්ඩායම මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ජන අරගල සංධානයෙන් බව ද ඇය වැඩිදුරටත් සදහන් කළාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *