’’ජනාධිපති සමාව – පොදු සමාව මේ ආණ්ඩුව අදුරන්නෑ’’

ජනාධිපති සමාව කියන්නේ කුමක්ද?, පොදු සමාව යනු කුමක්ද යන්න මේ ආණ්ඩුව නොදන්නා බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඔහු ඒ බව පැවසුවේ කිරුලපන  ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට  දේශනයක් ලබාදිය යුතු අතර තුන්සිය අසූ අට දෙනෙක් ජනාධිපති සමාව යටතේ නිදහස්  වුවද පොදු සමාව යටතේ වසරකට දින හත බැගින් රැඳවියන්ගේ කාල සීමාව හරි නම් ඔවුන්ට පොදු සමාව ලබාදීමට   බන්ධනාගාර නිලධාරීන්ට  හැකියාව ඇති බවද ජයසේකර මහතා කීය.

ජනාධිපතිවරයා විසින් වෙසක් දින හෝ පොසොන් දින ජනාධිපති සමාව ලබාදෙන්නේ නම් ජනාධිපති සමාවට අමතරව හැම බන්ධනාගාරයකටම ඔවුන්ගේ පටිපාටියට අනුව පොදු සමාව යටතේ එම දවසේම  නිදහස ලබන බවද ජයසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *