ආර්ථිකය නගා සිටුවීමට සහ රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් අවස්ථාවක් ලබාදිය යුතු බව පවසන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, රට මුහුණ දී සිටින ආර්ථික අවපාතය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බව පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ඊයේ ගම්පහ සහ මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවකදීය.
රට තුළ විකල්ප අත්හදා බැලීම් කළ හැකි තත්ත්වයක නොමැති බව පැවසූ අමාත්‍යවරයා එසේ කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් රට තවත් ප්‍රපාතයකට ඇද දමනු ඇතැයි ද පැවසීය.
“අද ජනාධිපති අපේක්ෂකයෝ ඉහවහා ගිහිල්ලා. විවිධ වර්ගයේ අපේක්ෂකයෝ ඉන්නවා. කඩයක් හෝ ආයතනයක් කරනවා වගේ කෙනෙකුට රට පාලනය කරන්න බැහැ. ඕන කෙනෙකුට උදම් අනන්න පුළුවන්. නමුත් හැමෝටම කරන්න බැහැ. ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සහ ස්ථාපිත කිරීමට අපට ඇත්තේ සීමිත කාලයයි. ජනතා හිතවාදී රජයක්.ඒ නිසා අපිට වෙනත් අපේක්ෂකයන් අත්හදා බලන්න අවස්ථාවක් නැහැ.මේක අත්හදාබැලීමට වෙලාවක් නෙවෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර නොමැති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහට සහාය දිය යුතු බවට තමා පෞද්ගලිකව විශ්වාස කරන බවත් ඔහු පැවසීය.
“ජනතාව අතීතයේ ජනාධිපතිවරු පත් කළේ ජාතික ප්‍රශ්න විසඳන්න. 2004 මහින්ද රාජපක්ෂ පත් කළේ යුද්ධය නැති කරන්න. 2015 දී මෛත්‍රීපාල සිරිසේනත්, 2019 දී ගෝඨාභය රාජපක්ෂත් පත් වුණේ යහපාලනය තහවුරු කරන්න. ඒ නිසා අද අපට අවශ්‍යයි. රටේ ආර්ථිකය නගා සිටුවීමට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් කිරීමටයි.