ජනාධිපතිවරණ ප්‍රචාරක රැළිවල වාර්තා පළ කිරීමටත් සීමා පැනවේ

ජනාධිපතිවරණය සඳහාවූ සියලුම ප්‍රචාරක රැස්වීම් ඊයේ (18) රාත්‍රි 12.00 ට අවසන් කළයුතු අතර එම රැස්වීම් පිළිබඳව වාර්තා   සමාජ මාධ්‍ය ඇතුළු   විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් විකාශය කිරීම අද (19) දහවල් 12.00 න් අවසන් කළ යුතු බව   මැතිවරණ කොමිෂන් සභාව කියයි.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන්   මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරන ලද මාධ්‍ය උපමානයන්ට අනුව  අදින්  අවසන් කෙරෙන ප්‍රචාරක රැස්වීම්වලට අදාල දර්ශන ,ඡායාරූප සහ  විස්තර  ඊයේ දින රාත්‍රි   සහ  අද  දහවල් 12.00  ප්‍රවෘත්ති විකාශවල  මෙන්ම  හෙට දින උදෑසන ප්‍රවෘත්ති පත්‍රවල පමණක් විකාශය කිරීම හා පළකිරීම කළ හැකි  බවත් මැතිවරණ කොමිෂන් සභාව  නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඒ අනුව අද දහවල් 12.00 න් පසුව ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම්වල වාර්තා මෙන්ම ප්‍රචාරක දැන්වීම් පළ නොකරන ලෙසද  මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටී.

මෙම නියමයන් රූපවාහිනී ,  පුවත්පත් ආයතනවල  හා සෙසු සියලුම සමාජ මාධ්‍ය සඳහාද අදාල බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *