ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 45ක්

ඉදිරි ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 45 ක් මේ වනවිට ලැබී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.

රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇතැයි එහි විධායක අධ්‍යක්ෂ  රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග සහ මැදිහත්විම සිදුකළ බවත් ඔහු පැවසීය.

සාධාරන මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශය සහයෝගය ලබාදෙන්නැයි දේශපාලන පක්ෂ, රාජ්‍ය නිලධාරින් සහ පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කරන බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා තවදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *